ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුද්ධ සාසනය අර්ථ විපරිතව සද්ධර්මය යටපත් වන කාලයේදී ඒ උතුම් ධර්මය අර්ථ ,ධර්ම සහිතව නැවතත් ලෝක සත්වයාගේ අප්‍රමාණ යහපත සදහා මතු කරන්නට ,නාගා සිටුවන්නට මීට බුද්ධාන්තර දහයකට ඉහතදී සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ බුදු පියාණන් වහන්සේගෙන් පළමුව විවරණ ලබා අනන්ත සසර තුල ශ්‍රාවක පාරමිතා දම් පුරා 1950 ජූලි මස 07 වන දින ශ්‍රී ලංකාද්වීපයේ උපත ලැබූ වහරක අභයරතනාලංකාර මහ තෙරුණ් වහන්සේගේ සමාධියට යොමු වූ ඖෂධ අතරින් කිහිපයක් මෙම පොතේ අන්තර්ඝතව ඇත.

ලෝක සත්වයා සංසාර භව රෝගයෙන් පෙළෙමින් අනන්ත සසරක දුකෙහි ඇලී ගැලී ගමන් කරන බවත්,ඒ සසර රෝගයෙන් මිදීමට ඇති ඒකායන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක.අර්ථ විපරිතව යටපත් වූ ඒ අරි අටැගි මග නිවැරදි අර්ථ සහිතව මතු කර දුන් වහරක අභයරතනාලංකාර මහ තෙරුණ් වහන්සේ එපමණකින් නොනැවතී උතුම් සද්ධර්මය අවබෝධයට ඉඩ සලසා ගන්නට වූ මුලිකම ලෞකික බාධාවක් වන කායික රෝගයන්ගෙන් පෙළෙන මනුස්සයා හට ඉන් ගොඩ එම සදහා අවශ්‍ය වටපිටාව සකසා දෙන්නට මේ ඖෂධයෝ ලොවට මතු කළ සේක.

ප්‍රතිකාර මගින් පමණක් කායික රෝග නිට්ටාවට සුව කළ නොහැකි බවත්, රෝගයන්ට අදාළ මූල හේතුන් පවතින තාක්කල් නැවත නැවත රෝගයන් ඇතිවෙන බවත්, රෝගයන්ගේ මූල හේතුන් නැසීමෙන් රෝගයන් නිට්ටාවට සුව කළ හැකි බවත් පෙන්වා දුන් වහරක අභයරතනාලංකාර මහ තෙරුණ් වහන්සේ ඒ සදහා කළ යුතු වත්පිළිවෙත් ,පුද පූජා ආදිය පිළිබදව විස්තර සහිතව දේශනා කළ සේක . අවිද්‍යාව මුල් කරගෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස ලෝකය ගොඩනැගෙන බවත් ,ඒ සියලු ගොඩනැගිම්වල මූලය ලෝක සත්වයයාගේ මනස බවත් පෙන්වා දුන් උන්වහන්සේ මනස මුලිකව සියලු පදාර්ථයන් ගොඩනැගෙන අයුරුත් ,එකී පදාර්ථයන් තුලින් අප පරිසරයේ පවතින සියලු දැ ගොඩනැගෙන අයුරුත් ,ලෝක සත්වයාගේ කයිකත්වය තුල හට ගන්නා ඌණතාවයන්ට බාහිර පරිසරයේ ගහකොළ ,සතා සිව්පාවුන්ගෙන් ලබා ගන්නා දැ ප්‍රත්‍ය වන අයුරුත් මනාව දේශනා කළ සේක .

මනුස්ස ශරීරයේ හටගන්නා බොහෝ රෝගයන් සදහා මේ ඖෂධයන් භාවිතා කළ හැකි පෙන්නවා දුන් උන්වහන්සේ ඖෂධ සෑ දී ම සදහා අවශ්‍ය අමුද්‍රුව්‍ය වට්ටෝරු ,ඒ ඒ ඖෂධ කුමන රෝගයන් සදහා ප්‍රත්‍ය වන්නේද,ඖෂධයන් ලබාදිය මාත්‍රාවන් ආදී සියලු කාරණා මතු කළ සේක .අභයරතනාලංකාර මහ තෙරුණ් වහන්සේ ජිවත්ව සිටින අවදියේ පටන් මේ සියලු ඖෂධ නිෂ්පාදනය කොට රෝගීන්ට ලබා දුන් අතර ,ඒවා මගින් දහස් ගණනක් රෝගීන් සුවපත් වූ බවද සදහන් කළ යුතුය .

වහරක අභයරතනාලංකාර මහ තෙරුණ් වහන්සේ අනුසාසනා කළ පරිදිම කායික ලෙඩ රෝග සුවපත් කර සංසාර ගමන කෙටි කර ගැනීම සදහා ප්‍රත්‍ය පරිසරය සකස් කිරීමට කටයුතු කිරීම මෙම ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර, ලාභ ඉපයිමකින් තොරව නිෂ්පාදන වියදම පමණක් ලබා ගනිමින් ඔබ වෙත ඖෂධ ලබා දීමට කටයුතු කරන්නෙමු.රෝගීන් සදහා මේ ඖෂධ ලබාදෙන්ට අප කරන මේ උත්සාහයේ ඔබත් පුණ්‍යවන්ත කොටස්කරුවෙකු බව දන්වා සිටින්නේ මහත් ගෞරවයෙනි.එයින් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය ඔබටත් ,ඔබට සහ සම්බන්ධ සියලු දෙනාටත් උතුම් නිවන පිණිසම හේතු වේවායි පතන්නෙමු.